Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 28:1 - සිංහල කාලීන පරිවර්තනය

1 සබතට පසු සතියේ පළමු දින අලුයම මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන බලන්නට ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 28:1
9 හුවමාරු යොමු  

ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයින්ගේ මව ද වූහ.


ඉන්පසු ආපසු ගිය ඔවුහු, සුවඳ ද්‍රව්‍ය හා විලේපන පිළියෙල කළෝ ය. එහෙත් සබතේදී ඔවුහු ආඥාව පරිදි විවේක ගත්හ.


මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ.


ඒ හැර අපේ කණ්ඩායමේ ස්ත්‍රීන් කිහිප දෙනෙක් අද අප පුදුමයට පත් කළා; උදේ පාන්දරින්ම ඔවුන් සොහොන වෙත ගිය නමුත්,


තමන් පිළියෙල කර ගත් සුවඳ ද්‍රව්‍ය ද ගෙන, සතියේ පළමු දින අරුණ උදෙන්, සොහොන් ලෙන වෙත ගිය ඔවුහු,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්