ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයින්ගේ මව ද වූහ.
මාක් 15:47 - සිංහල කාලීන පරිවර්තනය මග්දලාහි මරියා හා යෝසෙස්ගේ මව වූ මරියා උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය දුටුවහ. Sinhala New Revised Version මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ. Sinhala New Revised Version 2018 මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ. Sinhala Revised Old Version මග්දලායේ මරියාද යෝසෙස්ගේ මවුවූ මරියාද උන්වහන්සේ තැබූ ස්ථානය දුටුවෝය. |
ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයින්ගේ මව ද වූහ.
ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ.
යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.
සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.
ගලීලයේ සිට පැමිණි ස්ත්‍රීහු ද ගොස්, සොහොනත්, උන්වහන්සේගේ දේහය තැන්පත් කළ අයුරුත් දැක බලා ගත්හ.