ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 15:10 - සිංහල කාලීන පරිවර්තනය

මන්ද නායක පූජකයින් තමා ඉදිරියට උන්වහන්සේ ගෙනාවේ ඊර්ෂ්‍යාව නිසා වග පිලාත් දැන සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ කෙළේ, නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව ඔහුට වැටහී තිබුණු බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ කෙළේ, නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව ඔහුට වැටහී තිබුණු බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද නායක පූජකයන් විසින් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව ඔහු දැනගන සිටියේය.

පරිච්ඡේදය බලන්න



මාක් 15:10
13 හුවමාරු යොමු  

මන්ද ඔවුන් තමා අතට උන්වහන්සේ පාවා දුන්නේ ඊර්ෂ්‍යාව නිසා බැව් ඔහු දැන සිටියේ ය.


එහෙත් ඒ වෙනුවට, තමන්ට බරබ්බස් නිදහස් කර ගැනීමට නායක පූජකවරු ජනයා පෙලඹ වූහ.


ඔහු ඔවුන්ට උත්තර දෙමින්, “මා ඔබට යුදෙව්වන්ගේ රජ නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.


එහෙත් ඒ මහ සෙනඟ දුටු කල, යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල්ගේ දේශනයට එරෙහිව අපහාසාත්මකව කතා කළහ.


කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.


අප තුළ වාසයට දෙවියන්වහන්සේ අපට දුන් ආත්මය ඊර්ෂ්‍යාවෙන් පෙළෙතැයි ශුද්ධ ලියවිල්ල පවසන්නේ නිකමට යැයි ඔබ සිතනවා ද?


නපුරාට අයත්ව, තම සහෝදරයා මැරූ කායින්ට අප සමාන විය යුතු නැත. ඔහු එසේ මරා දැමුවේ ඇයි? ඊට හේතුව ඔහුගේ ක්‍රියා දුෂ්ට වූ නිසාත්, ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨ වූ නිසාත් ය.