“එහෙත් ඒ දාසයා පිටත්ව යද්දී, ඩිනාරි සියයක සුළු මුදලක් ඔහුට ණයව සිටි සහෝදර දාසයකු හමු වී, ඔහු අල්ලා, ‘මගේ ණය ආපසු ගෙවනු’ කියමින් ඔහුගේ ගෙල මිරිකන්නට වන්නේ ය.
මාක් 14:5 - සිංහල කාලීන පරිවර්තනය මේ සුවඳ විලවුන් විකුණා, ඩිනාරි තුන්සියයකට වැඩි මිලක් ගෙන, දිළිඳුන්ට බෙදා දෙන්න තිබුණා” යි ඇයට දොස් කීහ. Sinhala New Revised Version මේ විලේපනය රිදී කාසි තුන්සියයකට වැඩියෙන් විකුණා, ඒ මුදල දිළිඳුන්ට දිය හැකි ව තිබුණේ ය”යි තම තමන් අතර කියාගනිමින් ඈට බැණ වැදුණෝ ය. Sinhala New Revised Version 2018 මේ විලේපනය රිදී කාසි තුන්සියයකට වැඩියෙන් විකුණා, ඒ මුදල දිළිඳුන්ට දිය හැකි ව තිබුණේ ය”යි තම තමන් අතර කියාගනිමින් ඈට බැණ වැදුණෝ ය. Sinhala Revised Old Version මේ තෙල නාස්තිකළේ කුමක් නිසාද? මේ තෙල මසු තුන්සියයකට වැඩියෙන් විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේය කියා ඈට විරුද්ධව කොඳුළෝය. |
“එහෙත් ඒ දාසයා පිටත්ව යද්දී, ඩිනාරි සියයක සුළු මුදලක් ඔහුට ණයව සිටි සහෝදර දාසයකු හමු වී, ඔහු අල්ලා, ‘මගේ ණය ආපසු ගෙවනු’ කියමින් ඔහුගේ ගෙල මිරිකන්නට වන්නේ ය.
එහි සිටි ඇතමෙක් කෝප වී, ඔවුනොවුන් අතර කතා වෙමින්, “මේ සුවඳ විලවුන් මෙහෙම නාස්ති කරන්නේ ඇයි?
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඇයට ඉන්නට හරින්න; මැයට ඔබ කරදර කරන්නේ ඇයි? ඈ මට කර ඇත්තේ, මනහර දෙයක්;
එවිට පරිසිවරු හා දහම් පඬිවරු, “මොහු පව්කාරයින් පිළිගෙන, ඔවුන් සමඟ කෑමත් කනවා” යි මැසිවිලි කීහ.
මුදල් පසුම්බිය භාරව සිටියේ යූදස් බැවින්, මංගල්‍යය සඳහා යමක් මිලට ගැනීමට හෝ දිළිඳුන්ට යමක් දීමට හෝ යේසුස්වහන්සේ ඔහුට කියන්නට ඇතැයි සමහරු සිතූහ.
පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් කෑමට, ඩිනාරි දෙසියයක රොටි ගෙනාවත් මදි වේවි” යි කීවේ ය.
ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, මැසිවිලි නො නගන්න. එසේ කිරීමෙන්, ඔවුහු විනාශකයාගෙන් විනාශ වූහ.
සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින්ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය.
මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.