මාක් 14:46 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු උන්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. Sinhala New Revised Version ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ. Sinhala New Revised Version 2018 ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ. Sinhala Revised Old Version ඔව්හුද උන්වහන්සේ පිට අත්හෙළා උන්වහන්සේ අල්ලාගත්තෝය. |
එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ.
දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.