ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 14:30 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක්ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 14:30
17 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇතැ” යි පැවසූ සේක.


“එහෙයින් අවදියෙන් සිටින්න. මන්ද ගෙදර ස්වාමියා නැවත පැමිණෙන්නේ සවස ද මැදියම් රෑ ද කුකුළා හඬලන වේලාවේ ද හිමිදිරියේදැයි ඔබ නො දනී.


පේතෘස් කතා කරමින්, “හැමදෙනා ඔබ මඟහැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය.


එහෙත් “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ.


යේසුස්වහන්සේ කතා කරමින්, “පේතෘස්, මා ඔබට කියන්නම්, ඔබ මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක්ම කියන තුරු අද දවසේ කුකුළා හඬලන්නේ නැතැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ එවිට, “මා උදෙසා ඔබේ ජීවිතය දෙනවා ද? සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇත කියා” යි කී සේක.


දොරටුවේ සිටි සේවිකාව පේතෘස් අමතා, “ඔබත් අර මිනිහාගේ ගෝලයෙක් නො වේ ද? එහෙම නේදැ?” යි ඇසුවා ය. පේතෘස්, “මා එයින් කෙනෙක් නො වේ” යි කීවේ ය.


එබැවින්, තමා ස්ථිරව සිටගෙන සිටිතැයි සිතා සිටින්නා නො වැටෙන්නට වගබලා ගනිත්වා!