Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 14:30 - Sinhala Revised Old Version

30 යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

30 යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක්ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:30
17 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹ මා නිසා නුඹේ ජීවිතය දෙන්නෙහිද? සැබැවක් සැබැවක් නුඹට කියමි–නුඹ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කීසේක.


එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.


එවිට දොරටුපාලීවූ තරුණී: නුඹත් ඒ මනුෂ්‍යයාගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි පේතෘස්ගෙන් ඇසුවාය. නැතැයි ඔහු කීවේය.


උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි–නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක.


දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය. ඒ දෙවෙනි දවසක්ය.


එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය.


සවස විය, උදය විය, ඒ පස්වෙනි දවසක්ය.


සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසක්ය.


සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසක්ය.


යේසුස් වහන්සේද: සැබවක් නුඹට කියමි–අද රාත්‍රියේ කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියි ඔහුට කීසේක.


එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න.


එහෙත් පේතෘස් කථාකොට: සියලුදෙනාම බාධාවෙතත් මම නම් බාධා නොවෙමියි උන්වහන්සේට කීය.


නුමුත් ඔහු: මට ඔබවහන්සේ සමඟ නසින්ට වෙතත්, ඔබ නාඳුනමියි කියන්නේ නම් තැතැයි ඉතා තදලෙස කීවේය. ඔවුන් සියල්ලෝද එසේම කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්