එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
මාක් 14:28 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක. Sinhala New Revised Version කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. Sinhala New Revised Version 2018 කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. Sinhala Revised Old Version එසේ වී නුමුත් මම නැගුටුවනු ලැබූ පසු නුඹලාට පෙරටුව ගලීලයට යන්නෙමියි ඔවුන්ට කීසේක. |
එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මාගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.
හනික ගොස්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට වග උන්වහන්සේගේ ගෝලයින්ට කියන්න. ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන සේක. එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇත.’ ඔන්න! මා ඔබට කිව්වා” යි කීවේ ය.
එහෙත් දැන් උන්වහන්සේගේ ගෝලයින් හා පේතෘස් වෙත ගොස්, ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන වගත්, උන්වහන්සේ ඔබට පැවසූ ලෙස එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇති වගත් කියන්නැ’ යි” පැවසී ය.
මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් මුහුද අද්දරදී තම ගෝලයින්ට නැවත පෙනුණු සේක. උන්වහන්සේ පෙනෙන්නට වූයේ මෙලෙස ය.