Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 28:7 - සිංහල කාලීන පරිවර්තනය

7 හනික ගොස්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට වග උන්වහන්සේගේ ගෝලයින්ට කියන්න. ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන සේක. එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇත.’ ඔන්න! මා ඔබට කිව්වා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණුසේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න; උන්වහන්සේ නුඹලාට පළමු ගලීලයට යනසේක; එහිදී නුඹලා උන්වහන්සේ දකින්නහුය. බලන්න, නුඹලාට කීයෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 28:7
20 හුවමාරු යොමු  

“එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මාගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.


මා මේවා ඔබට කීවේ, ඒවායේ කාලය පැමිණි කල, මා ඒ දෑ කී වග ඔබට සිහිවීම පිණිසයි. මුලින් මේ දෑ ඔබට නො කීවේ මා ඔබ සමඟ සිටි නිසයි.


උන්වහන්සේ වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි පරිදි තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්,


මෙය සිදුවන්නට කලින් මා ඔබට කීවේ, එය සිදු වූ විට ඔබ විශ්වාස කරන පිණිසයි.


“එය ඇත්තයි! ස්වාමින්වහන්සේ නැවත නැගිටලා. උන්වහන්සේ සීමොන්ට පෙනී ඇතැ” යි කියන අයුරු ය.


ඔවුන් ආපසු පැමිණ, අනෙක් අයට කී නමුදු ඔවුන් කී දේ ද ඔවුන් විශ්වාස කළේ නැත.


මරියා ගොස්, කලින් උන්වහන්සේ සමඟ සිටියවුන් අඬා වැලපෙමින් සිටියදී ඒ වග කීවා ය.


එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.


ඔන්න, කල්තියාම මම ඔබට කීවෙමි.


ඉන්පසු උන්වහන්සේ සහෝදරයින් පන්සියයකට වඩා වැඩි දෙනකුට එකවර පෙනුණු සේක. එයින් ඇතමකු සැතපී ඇති නමුදු, ඉන් වැඩිදෙනා තවමත් ජීවත්ව සිටිති.


ඔවුහු දෙදෙන එවිට බයින් හා ප්‍රීතියෙන් යුතුව, යුහු යුහුව සොහොන වෙතින් පිටත්ව, උන්වහන්සේගේ ගෝලයින්ට දන්වන පිණිස දුවන්නට වන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්