ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 14:12 - සිංහල කාලීන පරිවර්තනය

පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පාස්කුව පූජාකරන මුහුන් නුමුසු රොටි කන පළමුවෙනි දවසේ උන්වහන්සේගේ ගෝලයෝ: ඔබ පාස්කුව කන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට කැමතිසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 14:12
16 හුවමාරු යොමු  

එහෙත් යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දැනට ඉඩ දෙන්න; මන්ද සියලු ධර්මිෂ්ඨකම් මෙලෙස ඉටු කිරීම අපට යෝග්‍යයැ” යි කී සේක. එවිට යොහන් ඊට එකඟ විය.


පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ.


ඒ ඇසීමෙන් සතුටට පත් වූ ඔවුහු, ඔහුට මුදල් දීමට පොරොන්දු වූහ. එහෙයින්, ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.


උන්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කරමින්, “නගරයට ගොස්, එහිදී වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසුපස යන්න.


එහෙත් කල් පිරුණු කල, දහම් නීතිය යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ,