ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 13:8 - සිංහල කාලීන පරිවර්තනය

මන්ද ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇති වෙයි; සාගත ද ඇති වෙයි. මේවා ප්‍රසව වේදනාවේ පටන්ගැන්මයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය.

පරිච්ඡේදය බලන්න



මාක් 13:8
21 හුවමාරු යොමු  

මේ සියල්ල ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.


යුද්ධ හා යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මේ දේවල් සිදු විය යුතුයි; එහෙත් තවමත් අවසානය නො වේ.


“විමසිල්ලෙන් සිටින්න. ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දෙනු ඇත. සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත. ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියේ ඔවුන්ට සාක්ෂිකරුවන් වශයෙන් ඔබ මා උදෙසා පෙනී සිටිනු ඇත.


ඔවුන්ගෙන් කෙනෙක් වූ අගබස් නැමැත්තා ආත්මයාණන් මඟින් අනාවැකි පවසමින්, රෝම අධිරාජ්‍යය පුරා මහත් සාගතයක් පැතිරෙන වග දැන්වී ය. (ක්ලෝදියස් අධිරාජයාගේ පාලන සමයේ මෙය සිදු විය.)


දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිණියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.


ගිනි රතු වෙනත් අශ්වයෙක් පිටතට ආවේ ය. මිනිසුන් එකිනෙකා මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමය දුරු කරන්නට එහි අසරුවාට බලය දෙන ලදී. ඔහුට විශාල අසිපතක් ද දෙන ලදී.