Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 6:4 - සිංහල කාලීන පරිවර්තනය

4 ගිනි රතු වෙනත් අශ්වයෙක් පිටතට ආවේ ය. මිනිසුන් එකිනෙකා මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමය දුරු කරන්නට එහි අසරුවාට බලය දෙන ලදී. ඔහුට විශාල අසිපතක් ද දෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට රතු ම රතු, තවත් අශ්වයෙක් නික්ම ආවේ ය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ ය. ඔහුට මහා කඩුවක් ද දෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට රතු ම රතු, තවත් අශ්වයෙක් නික්ම ආවේ ය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ ය. ඔහුට මහා කඩුවක් ද දෙන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 6:4
17 හුවමාරු යොමු  

“පොළොව පිටට සාමය ගෙනෙන්නට මා ආවා යයි නො සිතන්න. මා ආවේ කඩුවක් මිස සාමය ගෙනෙන්නට නො වේ;


“යමෙක් වහල්කමට යෑමට නියම නම්, වහල්කමටම ඔහු යන්නේ ය. යමෙක් කඩුවෙන් මරනු ලබන්නට වේ නම්, කඩුවෙන්ම ඔහු මරනු ලැබිය යුතු ය.” මෙය, ශුද්ධවතුන්ගේ ඉවසීමත්, ඇදහිල්ලත් සඳහා කැඳවීමකි.


ඇය ශුද්ධවතුන්ගේ ලෙයින්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරූවන්ගේ ලෙයින් බීමත්ව සිටිනු මම දුටුවෙමි. ඇය දුටු කල, මම අතිශයින් පුදුම වීමි.


ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.


එවිට තවත් ලකුණක් අහසේ දිස්විය. මෙන්න! හිස් හතක් හා අං දහයක් ද තම හිසෙහි කිරීට හතක් ද දැරූ දැවැන්ත රතු මකරෙක්!


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.


යුද්ධ හා, යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙයි. ඒවායින් තැතිගැනීමෙන් වළකින්නට බලා ගන්න. මන්ද එය සිදු විය යුතුව තිබේ. එහෙත් අවසානය එය නො වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්