ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 13:32 - සිංහල කාලීන පරිවර්තනය

“ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත. පියාණන්වහන්සේ පමණක් මිස, ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති.

පරිච්ඡේදය බලන්න



මාක් 13:32
11 හුවමාරු යොමු  

“එබැවින්, ඒ දවසවත්, ඒ පැයවත් ඔබ නො දන්න නිසා අවදිව සිටින්න.


“දිගු කලකට පසු පෙරළා පැමිණි ඒ සේවකයින්ගේ හාම්පුතා ඔවුන් සමඟ ගණන් බැලුවේ ය.


“මැදියම් රැයේ මොර හඬදීමක් විය: ‘මෙන්න මනාලයා! ඔහු හමුවට එන්නැ!’ යි ඉන් කියැවිණි.


අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.


උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “පියාණන්වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාල හා වකවානු ඔබේ දැනගැනීම පිණිස නො වේ.


එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරෙකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මකව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත.


මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුව ය. උන්වහන්සේට මෙය දෙනු ලැබ ඇත්තේ, ඉක්මනින් සිදු විය යුතු දෑ ස්වකීය මෙහෙකරුවන්ට පෙන්වන පිණිස, දෙවියන්වහන්සේ විසිනි. උන්වහන්සේ තම දූතයා එවීමෙන්, තම මෙහෙකරු යොහන්ට එය දැනගන්නට සැලසූ සේක.


එබැවින්, ඔබ ලැබූ දේ හා ඇසූ දේ මතක් කරගන්න; ඒවා පවත්වා, පසුතැවිලි වන්න. එහෙත් ඔබ අවදි නො වේ නම්, මම සොරෙකු මෙන් එන්නෙමි. මා ඔබට එරෙහිව කවර පැයේ ඒදැයි ඔබ දැනගන්නේ නැත.