ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 12:34 - සිංහල කාලීන පරිවර්තනය

ඔහු ප්‍රඥාවත්ව උත්තර දුන් බව දුටු යේසුස්වහන්සේ, “ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඈතින් නො වේ” යි පැවසූ සේක. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැ යි ජේසුස් වහන්සේ දැක “ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරු ව සිටින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැ යි ජේසුස් වහන්සේ දැක “ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරු ව සිටින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු නුවණින් උත්තරදුන් බව යේසුස්වහන්සේ දැක: නුඹ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහියයි ඔහුට කීසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න



මාක් 12:34
10 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත්ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසුපස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්,


ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්, තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.


වචනයකින් හෝ උන්වහන්සේට පිළිතුරු දෙන්නට කිසිවකුට නුපුළුවන් විණි. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො විණි.


තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.


වරෙක මම දහම් නීතියෙන් තොරව ජීවත්ව සිටියෙමි. එහෙත්, ආඥා පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි.


“මන්ද දහම් නීතිය කරණකොටගෙන මා දහම් නීතියට මැරුණේ දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.


ඔබගේ කතා බහ නිතරම දයාන්විතව, ලුණෙන් රසවත්ව තිබේවා. එවිට කවරකුට වුව සුදුසු පරිදි පිළිතුරු දෙන්නට ඔබට හැකි වෙයි.