“යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටුකර දෙන බවයි.
මාක් 11:24 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් මා ඔබට කියන්නේ, ඔබ යාච්ඤාවෙන් ඉල්ලන කවර දෙයක් වුව, ඔබට ලැබුණේ යැයි විශ්වාස කරන්න; එය ඔබටම වන්නේ ය. Sinhala New Revised Version එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය. Sinhala New Revised Version 2018 එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය. Sinhala Revised Old Version එබැවින් නුඹලාට කියමි–නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලාට ලැබෙන්නේය. |
“යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටුකර දෙන බවයි.
ඔබ යාච්ඤා කරන්නට සිටගන්නා විට, යමකුට විරුද්ධව යම් දෙයක් ඇත්නම්, ස්වර්ගයේ වෙසෙන ඔබගේ පියාණන්වහන්සේත් ඔබේ වැරදි කමා කරන පිණිස, ඔහුට කමාව දෙන්න.
මගේ නමින් ඔබ මොන යම් දෙයක් ඉල්ලුවත්, පුත්‍රයාණන් තුළ පියාණන්වහන්සේ ගෞරවයට පැමිණෙනු පිණිස, මම එය ඉටු කරමි.
ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.
එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි.