ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 8:33 - සිංහල කාලීන පරිවර්තනය

ඌරු පල්ලෝ ද දුව ගොස්, නගරයට පිවිස, ඒ සියලු පුවත් ද යක්ෂාත්මාවේශව සිටි මිනිසුන් දෙදෙනාට සිදු වූ දෑ ද සැල කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඌරු රැකවල්ලු පලාගොස් නුවරට පැමිණ ඒ සියල්ලත් යක්ෂාවේශවූවන්ට සිදුවූ දේත් කීවෝය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 8:33
6 හුවමාරු යොමු  

උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


සවස් වූ කල, යක්ෂාත්මවලින් පීඩා විඳි බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබ, උන්වහන්සේ වචනයෙන් එම ආත්ම දුරු කොට, රෝගී සියල්ලන් සුව කළ සේක.


“යනු” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. එකල පිටතට වන් යක්ෂාත්ම ඌරන්ට වැහුණහ. එවිට මෙන්න! බෑවුම පහළට වේගයෙන් දුව ගිය මුළු ඌරු රැළ, දියේ ගිලී මළහ.