Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 8:34 - සිංහල කාලීන පරිවර්තනය

34 එවිට මෙන්න, මුළු නගරයම යේසුස්වහන්සේ හමු වන්නට පිටත්ව අවුත්, උන්වහන්සේ දුටු කල, තම පෙදෙසින් ඉවත්ව යන ලෙස අයැද සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 එකල ඒ මුළු නුවර වැසියෝ යේසුස්වහන්සේ සම්මුඛවීමට ඇවිත්, උන්වහන්සේ දැක, ඔවුන්ගේ සීමාවලින් අහක්වයන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 8:34
13 හුවමාරු යොමු  

එබැවින් ඔවුහු සිර ගෙදරට අවුත්, ඔවුනට කණගාටුව ප්‍රකාශ කර, ඔවුන් දෙදෙන සිර ගෙයින් පිටතට කැඳවාගෙන අවුත් ඒ නගරයෙන් පිටමංව යන ලෙස ඉල්ලූහ.


සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දෙදණ අබියස වැටී, “අහෝ ස්වාමිනි, මා වෙතින් ඉවත්ව ගිය මැනව; මා පව්කාර මිනිහෙකි” යි කීවේ ය.


යේසුස්වහන්සේ දුටු කල මොර ගසා, උන්වහන්සේ ඉදිරියේ වැටුණු ඔහු, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? අනේ මට වධ නුදුන මැනව” යි මහ හඬ නැඟුවේ ය.


එවිට මෙන්න! “අහෝ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් ඇති කාරිය කිම ද? ඔබ මෙහි ආවේ නියමිත කාලයට පළමු අපට වධ දෙන්නට දැ?” යි ඔවුහු මොරගැසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්