එකෙණෙහිම, උන්වහන්සේ තමන් විසින් සමූහයා පිටත් කර හරින තෙක්, තම ගෝලයින් ඔරුවේ නංවා උන්වහන්සේට පෙරටුව එගොඩ යන්නට සැලසූ සේක.
මතෙව් 8:18 - සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ තමන් වටා වූ ජනකාය දුටු කල, විලෙන් එගොඩට යන ලෙස අණ දුන් සේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක. Sinhala Revised Old Version යේසුස්වහන්සේ බොහෝ සමූහයන් තමන් පිරිවරා සිටින බව දැක, එගොඩට යන්ට අණදුන්සේක. |
එකෙණෙහිම, උන්වහන්සේ තමන් විසින් සමූහයා පිටත් කර හරින තෙක්, තම ගෝලයින් ඔරුවේ නංවා උන්වහන්සේට පෙරටුව එගොඩ යන්නට සැලසූ සේක.
යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එතෙරට ආ කල, මහත් ජනකායක් උන්වහන්සේ වටා රොක් වූහ. උන්වහන්සේ මුහුදු වෙරළේ සිටියදී,
එකෙණෙහි යේසුස්වහන්සේ, තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක.
දිනක් තම ගෝලයින් සමඟ ඔරුවකට නැගුණු යේසුස්වහන්සේ, “අපි විලෙන් එගොඩට යමු” යි කී සේක. එවිට ඔවුහු ඔරුව දියත් කළහ.
බලහත්කාරයෙන් තමන් රජකමට පත් කර ගන්නට ඔවුන් අර අඳින බව දැනගත් යේසුස්වහන්සේ, හුදෙකලා වී, යළි කන්දට නැගුණු සේක.