ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 28:8 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු දෙදෙන එවිට බයින් හා ප්‍රීතියෙන් යුතුව, යුහු යුහුව සොහොන වෙතින් පිටත්ව, උන්වහන්සේගේ ගෝලයින්ට දන්වන පිණිස දුවන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඔව්හු භයින්ද මහත් ප්‍රීතියෙන්ද සොහොන් ගෙයින් ඉක්මනින් නික්ම ගොස්, උන්වහන්සේගේ ගෝලයන්ට දන්වන පිණිස දිවුවෝය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 28:8
9 හුවමාරු යොමු  

හනික ගොස්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට වග උන්වහන්සේගේ ගෝලයින්ට කියන්න. ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන සේක. එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇත.’ ඔන්න! මා ඔබට කිව්වා” යි කීවේ ය.


එකල, හදිසියේම යේසුස්වහන්සේ ඔවුනට මුණ ගැසී, “සෙත් වේවා!” යි පැවසූ සේක. උන්වහන්සේ වෙත ආ ඔවුහු, උන්වහන්සේගේ පා වැලඳ, උන්වහන්සේට නමස්කාර කළහ.


එහෙත් ඔවුන් පිට වී, සොහොන වෙතින් පලා ගියහ. වෙවුලුම හා විශ්මය ඔවුන් වෙළාගත් බැවින් ඔවුන් කිසිවකුට කිසිවක් කීවේ නැත. මන්ද ඔවුහු බයවී සිටියහ. [ඇතැම් පුරාණ පිටපත්වල 9–20 දක්වා කොටස ඇතුළත් නො වේ.]


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මුළු ලෝකයම ප්‍රීති වන අතර ඔබ හඬමින්, විලාප නඟනු ඇත. ඔබ ශෝක වනු ඇත. එහෙත් ඔබේ ශෝකය ප්‍රීතියට හැරෙයි.


එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.