ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 28:5 - සිංහල කාලීන පරිවර්තනය

දේව දූතයා ස්ත්‍රීන් අමතමින්, “බය වන්න එපා. ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද යේසුස්වහන්සේ බැව් මම දනිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දේව දූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින්, “බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දේව දූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින්, “බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කථාකරමින්: භය නොවෙන්න; මක්නිසාද කුරුසියෙහි ඇණ ගසනලද යේසුස්වහන්සේව නුඹලා සොයන බව දනිමි.

පරිච්ඡේදය බලන්න



මතෙව් 28:5
17 හුවමාරු යොමු  

එහෙත් එකෙණෙහි ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.


යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මාගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.


මුර සෙබළු ඔහුට බිය වී, වෙවුලා මළවුන් සේ වූහ.


එහෙත් ඔහු කතා කොට, “බය වන්න එපා; ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද නාසරෙත්හි යේසුස්වහන්සේයි. උන්වහන්සේ නැගිටුණා! උන්වහන්සේ මෙහි නැත. බලන්න! ඔවුන් උන්වහන්සේ තැන්පත් කළ තැන!


දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා.


ඉන් බය වූ ඔවුන් තම මුහුණු බිමට නමාගනිද්දී, ඔවුන් ඇමතූ ඒ මිනිස්සු, “නුඹලා මළවුන් අතර ජීවතුන් සොයන්නේ මොකද?


එනමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැගිටුවා, මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදවාලූ සේක. මන්ද උන්වහන්සේ යටත් කර තබා ගැනීමට කොහෙත්ම මරණයට හැකි වුණේ නැත.


ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?