Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:24 - සිංහල කාලීන පරිවර්තනය

24 එනමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැගිටුවා, මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදවාලූ සේක. මන්ද උන්වහන්සේ යටත් කර තබා ගැනීමට කොහෙත්ම මරණයට හැකි වුණේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:24
45 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ සේක්, අපත් තමන්වහන්සේගේ බලයෙන් නැගිටුවන සේක.


උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.


බව්තීස්මයේදී ඔබත් උන්වහන්සේ සමඟ වළලනු ලැබ, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරී බලය කෙරේ ඇති ඔබගේ ඇදහිල්ලෙන් උන්වහන්සේ සමඟ යළි ජීවනයට නැගිටුවනු ලැබ සිටිති.


දෙවියන්වහන්සේ මේ යේසුස්වහන්සේ ජීවනයට නැගිට වූ සේක. අප සැවොම ඊට සාක්ෂි ය;


ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, ස්වර්ගීක බලමණ්ඩලයන්හි ස්වකීය දකුණු පස එතුමාණන් හිඳුවමින්, ක්‍රියාත්මක කළ බලයම ය.


කිසිවකු මගේ ජීවිතය මගෙන් ගන්නවා නො වේ. මා එය පුදන්නේ මගේම අනුමැතියෙනි. එය පුදකිරීමේ අධිකාරී බලය මට ඇත; එය නැවත ගැනීමේ අධිකාරී-බලයත් මට ඇත. මේ ආඥාව මා ලද්දේ මගේ පියාණන්වහන්සේගෙනි” යි පැවසූ සේක.


මන්ද යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ තැනැන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ අප ද නැගිටුවන බවත්, ඔබ සමඟ අප තමන්වහන්සේ ඉදිරියට පමුණුවන බවත් අප දන්නා බැවිනි.


යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.


එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මඟින් මරණයට පත්ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය.


සදාතන ගිවිසුමේ ලේ මඟින්, බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වූ යේසුස් අප ස්වාමියාණන් මළවුන් වෙතින් යළි ජීවනයට ගෙන ආ සාමයේ දෙවියන්වහන්සේ,


පැමිණෙන උදහසින් අප මුදා ගන්නා යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද පුත්‍රයාණන්වහන්සේ ස්වර්ගයෙන් එන තුරා කෙලෙස ඔබ මඟ බලා සිටින්නේ ද යන්න ඔවුහුම පවසති.


මන්ද යේසුස්වහන්සේ, ස්වාමින්වහන්සේ යැයි ඔබේ මුවින් ප්‍රකාශ කරන්නේ නම්, දෙවියන්වහන්සේ මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ වග ඔබේ හදවතින් විශ්වාස කරන්නේ නම්, ඔබ ගලවනු ලබනු ඇත.


අප උදෙසාත් ය. යේසුස් අප ස්වාමින්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේ තුළ විශ්වාස කරන අප උදෙසා ද එසේ ගණන් ගනු ලබන්නේ ය.


මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”


එහෙත් දෙවියන්වහන්සේ, මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ සේක.


මෙසේ ඔබ ජීවනයේ නිර්මාතෘවරයාණන් මරණයට පත් කළ ද, දෙවියන්වහන්සේ එතුමාණන් මළවුන්ගෙන් නැගිට වූ සේක. අපි ඊට සාක්ෂිකරුවෝයි.


මිනිසුන් වෙතින් හෝ මිනිසකු මඟින් හෝ නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද විසින් එවන ලද අපෝස්තුලුවරයකු වූ පාවුල් හා


දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.


දෙවියන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවන ලදැයි උන්වහන්සේ ගැන අප සාක්ෂි දී ඇති බැවින්, අප ද දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂි දුන් අය සේ ගැනේ. මන්ද මළවුන් නැගිටීමක් නැති වග සත්‍යය නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ නැගිටුවනු ලැබ නැත.


එහෙත් දෙවියන්වහන්සේ විසින් නැගිටුවන ලද තැනැත්තාණන් දිරා ජරාවට පත් වූයේ නැත.


ඔබ හැමදෙනාත්, මුළු ඉශ්‍රායෙල් ජනතාවත් මෙය දැන ගනිත්වා! මේ මනුෂ්‍යයා හොඳ සුවයෙන් ඔබ ඉදිරියේ සිටගෙන සිටින්නේ, ඔබ විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ නමුදු, දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිට වූ නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි.


උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිය යුතු බවට වූ ශුද්ධ ලියවිල්ල ඒ වන තුරුත් ඔවුන් වටහා ගෙන සිටියේ නැත.


ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.


ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ, මළවුන්ගෙන් නැගිටුවන ලද, වශයෙන් නම්, මළවුන් නැගිටීමක් නැතැයි ඔබ ඇතමකු කියන්නේ කෙසේ ද?


ක්‍රිස්තුස්වහන්සේ මිය ගියේත්, ජීවනයට පැමිණියේත් මේ අරමුණ උදෙසා ය; එනම් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද යන දෙගොල්ලගේම ස්වාමියාණන් වීමට ය.


වරදට පත් කරන්නේ කවුරු ද? මැරුණේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය; ඊටත් වඩා නැගිටුවනු ලැබුවේත්, දෙවියන්වහන්සේගේ දකුණු පසෙහි හිඳ, අප උදෙසා මැදහත්කම් කරන්නේත් උන්වහන්සේ ය.


එබැවින් ඔවුන්ට විශ්වාස කිරීමට නො හැකි වූ හේතුව යෙසායා තවත් තැනක දක්වයි:


එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මඟින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්,


ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත්ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි.


දෙවියන්වහන්සේගේ වචනය ලැබූ අය ගැන, ඔවුන් දෙවිවරුන් ය කියා උන්වහන්සේ හැඳින්වූවා නම් (ශුද්ධ ලියවිල්ල කඩ විය නො හැකියි.)


“සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුව තිබුණි.


ඔබ විසින් ගසක එල්ලා මරා දමන ලද යේසුස්වහන්සේ, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිට වූ සේක.


උන්වහන්සේ වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි පරිදි තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්,


එහෙත් සත්‍ය මෙයයි; සැතපුණු සියල්ලන්ගේ නාඹුල් පලයව ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක්ම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්