“දේව මාලිගාව කඩා, තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, නුඹම ගලවා ගනින්! නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එනු” යි පැවසූහ.
මතෙව් 27:43 - සිංහල කාලීන පරිවර්තනය ඔහු දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබයි. දෙවියන්වහන්සේ ඔහුට කැමති සේක් නම්, උන්වහන්සේ ඔහු ගලවන සේක්වා! මන්ද ‘මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ’ යි ඔහු කියා ඇතැ” යි කීහ. Sinhala New Revised Version මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ. Sinhala New Revised Version 2018 මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ. Sinhala Revised Old Version ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය. |
“දේව මාලිගාව කඩා, තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, නුඹම ගලවා ගනින්! නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එනු” යි පැවසූහ.
යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන්ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ම වී යැ!” යි පැවසූහ.
උන්වහන්සේ එල්ලා සිටින අයුරු ජනයා බලා සිටියහ. එහෙත් ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා. ඔහු දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ නම්, උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තා නම්, ඔහු තමාම ගලවා ගනීවා!” යි කීහ.
‘මා දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය’ කී හේතුවෙන් පියාණන්වහන්සේ ම තෝරා වෙන් කොට ලෝකයට එවූ තැනැත්තාට ඔබ දේවාපහාස කරනවා යයි ඔබ කියන්නේ කෙසේ ද?
යුදෙව්වෝ ඔහුට පිළිතුරු දෙමින්, “අපටත් නීතියක් තියෙනවා. ඒ නීතියේ හැටියට මොහු මරා දැමිය යුතුයි; මොකද, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා යයි කියා ගත්තා යැ” යි කීවෝ ය.