ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 27:15 - සිංහල කාලීන පරිවර්තනය

ජනයා ඉල්ලන කවුරුන් හෝ එක් සිරකරුවකු, මංගල්‍යය නිමිත්තෙන් ආණ්ඩුකරු නිදහස් කරදෙන සිරිතක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මංගල්‍යයෙහිදී සමූහයා ඉල්ලන එක හිරකාරයෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස්කර දෙන සිරිතක් තිබුණේය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 27:15
11 හුවමාරු යොමු  

නමුත්, “උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ.


බරබ්බස් නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය.


එනිසා ඔහුට දඬුවම් කර, මා ඔහු නිදහස් කරනවා” යි කීවේ ය.


ඒ මංගල්‍යයේදී ඔහු විසින් එක් සිරකරුවකු නිදහස් කරදෙන සිරිතක් විය.


එවිට ඔවුහු එක් හඬින් මොර ගසමින්, “මේ මිනිහා තුරන් කරනු. අපට බරබ්බස් නිදහස් කර දෙනු!” යි හඬ නැඟූහ.


එහෙත් පේතෘස් පිටත දොරකඩ සිටගෙන සිටියේ ය. එබැවින් උත්තම පූජකයා හඳුනන එම අනෙක් ගෝලයා පිටතට පැමිණ, දොරටුව මුර කළ සේවිකාවට කතා කොට, පේතෘස් ඇතුළට ගෙනාවේ ය.


එබැවින් ඔහු කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන් අතට උන්වහන්සේ බාර දුන්නේ ය. ඔවුහු යේසුස්වහන්සේ බාර ගත්හ.


එහෙත් වසර දෙකකට පසු පීලික්ස්ගේ තනතුරට පොර්කියස් පෙස්තුස් පත්ව ආවේ ය. යුදෙව්වන් සතුටු කිරීමට කැමති වූ පීලික්ස්, පාවුල් සිරබාරයේම සිටින්නට හැරියේ ය.


එහෙත් යුදෙව්වන් සතුටු කරන්නට කැමති වූ පෙස්තුස් පාවුල් අමතමින්, “හොඳයි, යෙරුසලමට ගොස්, මා ඉදිරියේ මේ චෝදනා ගැන නඩු විභාගයට සූදානම් දැ?” යි ඇසී ය.