මතෙව් 26:2 - සිංහල කාලීන පරිවර්තනය “තව දවස් දෙකකින් පාස්කු උළෙල එන වග ඔබ දනී. මනුෂ්‍ය පුත්‍රයාණන් ද කුරුසිපත් කරනු ලබන්නට පාවා දෙනු ලබන්නේ යැ” යි කී සේක. Sinhala New Revised Version “තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 “තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ”යි වදාළ සේක. Sinhala Revised Old Version තව දෙදවසකට පසු පාස්කුව පැමිණෙන බව නුඹලා දන්නහුය, මනුෂ්‍ය පුත්‍රයා කුරුසියෙහි ඇණගැසීමට පාවාදෙනු ලැබේයයි කීසේක. |
ඔවුහු ගලීලයේදී යළි රැස් වූ කල, යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත.
“නිර්දෝෂ ලේ පාවා දීමෙන් මා පව් කළා” යි කීවේ ය. “ඉතින් අපට මොකද? ඒක උඹ ම බලාගනින්” යැයි ඔවුහු කීහ.
උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයින්ම ආශා වූයෙමි.
එකල යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න වූයෙන්, පාස්කුවට පෙරාතුව තමන් පවිත්‍ර කරගන්නා පිණිස, පිට පළාත්හි සිට බොහෝ දෙනෙක් යෙරුසලමට ගියහ.
පාස්කු මංගල්‍යයට හය දවසකට කලින් යේසුස්වහන්සේ බෙතානියට පැමිණි සේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද ලාසරස් සිටියේ එහි ය.
යේසුස්වහන්සේ නිතර තම ගෝලයින් සමඟ එහි ආ-ගිය බැවින්, උන්වහන්සේ පාවා දුන් යූදස් ද මේ ස්ථානය දැන සිටියේ ය.
මෙසේ වූයේ තමන් මියෙන්නේ කවර ආකාර මරණයකින්දැයි පෙන්වීමට යේසුස්වහන්සේ පවසා තිබූ වචනය සැබෑ වන පිණිස ය.