ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 23:23 - සිංහල කාලීන පරිවර්තනය

“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුවඳතලා, සුදුදුරු හා කළුදුරුවලින් දසයෙන් කොටස දෙති. එහෙත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම යන දහම් නීතියේ වඩා වැදගත් කරුණු නුඹලා පැහැර හරිති. පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් ඔබ පිළිපැදිය යුතුව තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 23:23
16 හුවමාරු යොමු  

‘මම පූජාවට නො ව දයාවට ආශා වෙමි’ යන්නෙහි අරුත ඔබ දැන සිටියා නම්, නිදොස් අයට වරද තබන්නේ නැත.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණටම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත.


‘මම පූජාවට නො ව දයාවට කැමැත්තෙමි’ යන්නෙහි අරුත කුමක්දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක.


“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද ඔබ සුවඳතලා, සුදුදුරු හා ගෙවතු පලා යන දැයින් දසයෙන් කොටස දෙන නමුත් යුක්තියත්, දෙවියන්වහන්සේට ප්‍රේමයත් නො සලකා හරිති. ඔබ පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් පිළිපැදිය යුතුව තිබේ.


මා සතියකට දෙවරක් උපවාසයේ යෙදෙනවා; මට ලැබෙන දෙයින් දසයෙන් කොටස ද දෙනවා’ යි කියා ගත්තා.