මතෙව් 21:37 - සිංහල කාලීන පරිවර්තනය අන්තිමට ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි කීවේ ය. Sinhala New Revised Version අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. Sinhala New Revised Version 2018 අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. Sinhala Revised Old Version පසුව ඔහු: මාගේ පුත්‍රයාට ඔවුන් ගෞරවකරනවා ඇත කියා, තමාගේ පුත්‍රයා ඔවුන් ළඟට යැවීය. |
“එහෙත් බදුකරුවෝ ඔහුගේ පුත්‍රයා දුටු කල, ‘මෙන්න උරුමක්කාරයා! එමු; ඔහු මරා, ඔහුගේ උරුමය ගනිමු’ යි එකිනෙකාට පැවසූහ.
තවද, “මේ මා ප්‍රේම කරන මාගේ පුත්‍රයාණෝ ය; ඔහු සමඟ මම බෙහෙවින් ප්‍රසන්නව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.
“යැවීමට ඉතිරිව සිටියේ ඔහුගේ එකම ප්‍රේමණීය පුත්‍රයා පමණි. අන්තිමේ ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැව්වේ, ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි පවසමිනි.
“එවිට මිදි වතු හිමියා, ‘කුමක් ද මා කරන්නේ? මම මගේ ප්‍රේමණීය පුත්‍රයා යවමි. ඇතැම් විට ඔවුන් ඔහුට ගරු කරනු ඇතැ’ යි කීවේ ය.
කිසිවෙක්, කිසි කලෙක දෙවියන්වහන්සේ දැක නැත. එහෙත් උන්වහන්සේ හඳුන්වා දුන්නේ, පියාණන්වහන්සේගේ ළයෙහි සිටින එකම පුත්‍ර වූ දෙවියන්වහන්සේම ය.
මා දැන් එය දුටු නිසා, මෙතුමාණන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරමි” යි පැවසී ය.
මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.