මතෙව් 21:10 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වූ කල, මුළු මහත් පුරවරයම කැලඹී, “මේ කවුරු දැ?” යි විමසූහ. Sinhala New Revised Version උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. Sinhala Revised Old Version උන්වහන්සේ යෙරුසලමට ඇතුල්වූ කල මුළු නුවර කැලඹී: මේ කවුදැයි කීවෝය. |
උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “උසස් තැන්හි හෝසන්නා!” යි මහ හඬ නැගුවෝ ය.
උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ.
එවිට දහම් පඬිවරු හා පරිසිවරු, “දේවාපහාස පවසන මොහු කවුරු ද? දෙවියන්වහන්සේට මිස, පාප කමා කරන්නට පුළුවන් කවරකුට දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.
එවිට කෑමට හිඳ සිටි අය ඔවුනොවුන් අතරේ කතා කරමින්, “පාප කමාව පවා දෙන මොහු කවරෙක් දැ?” යි පවසන්නට වන්හ.
එහෙත් හෙරෝද් කතා කරමින්, “යොහන්ගේ හිස ගසා දැමුවේ මමයි. එහෙත් කවුරු ද මේ මට අසන්නට ලැබෙන දෑ කරන්නේ?” යි පැවසී ය. ඔහු උන්වහන්සේ දකින්නට උත්සාහ කළේ ය.
එවිට යුදෙව් නායකයෝ උන්වහන්සේට කතා කරමින්, “මේවා කිරීමට ඔබ පෙන්වන අනුහස් ලකුණ කුමක් දැ?” යි ඇසූහ.
“ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?” යි ඔහු ඇසී ය. “ඔබ විසින් වධ හිංසා කරනු ලබන යේසුස් මම යැ” යි පැවසූ උන්වහන්සේ,