Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:9 - සිංහල කාලීන පරිවර්තනය

9 එහෙත් හෙරෝද් කතා කරමින්, “යොහන්ගේ හිස ගසා දැමුවේ මමයි. එහෙත් කවුරු ද මේ මට අසන්නට ලැබෙන දෑ කරන්නේ?” යි පැවසී ය. ඔහු උන්වහන්සේ දකින්නට උත්සාහ කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට හෙරොද්, “මම ජොහන්ගේ හිස සිඳ දැමීමි; එහෙත්, මට සැළ වී ඇති මෙ‍බඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැ”යි ඇසී ය. ඔහු උන් වහන්සේ දැකීමට වෑයම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට හෙරොද්, “මම ජොහන්ගේ හිස සිඳ දැමීමි; එහෙත්, මට සැළ වී ඇති මෙ‍බඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැ”යි ඇසී ය. ඔහු උන් වහන්සේ දැකීමට වෑයම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එවිට හෙරොද් කථාකොට: මම යොහන්ගේ හිස කැප්පවීමි. නුමුත් මා අසන මෙබඳු දේ කරන තැනැත්තා කවුදැයි කීවේය. ඔහු උන්වහන්සේ දකින්ට සෙවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:9
3 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ දුටු හෙරෝද් බෙහෙවින් සතුටු විය. මන්ද උන්වහන්සේ දැකීමට කලෙක පටන් ඔහු ආශාවෙන් සිටියේ ය. උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෑ අනුව උන්වහන්සේ යම් හාස්කමක් කරනු දැකීමට ඔහු බලාපොරොත්තුව සිටියේ ය.


හෙරෝද්ට ද එහෙම පෙනෙන්නේ නෑ; මේ මිනිසා නැවත අප වෙත එවා ඇත්තේ එනිසයි. පෙනෙනවා ද! මරණ දඬුවමට තරම් වරදක් ඔහු කර නෑ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්