එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
මතෙව් 17:23 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු අතිශයින් සොවින් බරවූහ. Sinhala New Revised Version ඔව්හු එතුමාණන් මරන්නෝ ය. එහෙත් තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. ඒ ඇසූ ඔව්හු අතිශයින් ශෝක වූ හ. Sinhala New Revised Version 2018 ඔව්හු එතුමාණන් මරන්නෝ ය. එහෙත් තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. ඒ ඇසූ ඔව්හු අතිශයින් ශෝක වූ හ. Sinhala Revised Old Version ඔව්හුද ඔහු මරන්නෝය, නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේයයි කීසේක. එවිට ඔව්හු අතිශයෙන් ශෝකවූවෝය. |
එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.
ඔවුන් කන්දෙන් බැස එද්දී, යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුටත් නො කියන්නැ” යි අණ කළ සේක.
ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක.
ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත්ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි.
ඉන්පසු උන්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් ද දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත්, මරනු ලබන්නටත්, තුන් දවසකට පසු, නැවත නැගිටින්නටත් යුතුව ඇති වග ඔවුන්ට උගන්වන්නට වන් සේක.
ඔවුහු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගමන් ගත්හ. ඒ වග කිසිවකුත් දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක.