ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 17:15 - සිංහල කාලීන පරිවර්තනය

“ස්වාමිනි, මාගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ස්වාමීනි, මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔහු මීමැස්මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳියි; බොහෝ වර ගින්නෙහි ද වතුරෙහි ද වැටිණි;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ස්වාමීනි, මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔහු මීමැස්මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳියි; බොහෝ වර ගින්නෙහි ද වතුරෙහි ද වැටිණි;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි.

පරිච්ඡේදය බලන්න



මතෙව් 17:15
14 හුවමාරු යොමු  

එවිට මෙන්න! ඒ පළාතේ කානානීය ස්ත්‍රියක් හඬමින්, උන්වහන්සේ වෙත අවුත්, “අහෝ ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්න; මගේ දියණිය යක්ෂාත්මාවේශයෙන් දැඩිව පීඩා විඳිතැ” යි කීවා ය.


ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය.


උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.


ඔවුන් පැමිණ සිටියේ උන්වහන්සේට සවන් දීමට හා තම රෝග සුව කර ගැනීමට ය. අපවිත්‍ර ආත්මවලින් පීඩා විඳි අය ද සුව කරනු ලැබූහ.


යේසුස්වහන්සේ නිතර තම ගෝලයින් සමඟ එහි ආ-ගිය බැවින්, උන්වහන්සේ පාවා දුන් යූදස් ද මේ ස්ථානය දැන සිටියේ ය.