එවිට පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට වී, “කොහෙත්ම නැහැ ස්වාමිනි, ඔබට කිසිදාක එහෙම වන්නේ නැතැ” යි කීවේ ය.
මතෙව් 16:23 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් උන්වහන්සේ හැරී, පේතෘස් අමතමින්, “සාතන් මා පස්සට යව; නුඹ මට බාධකයක්; මන්ද නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි පැවසූ සේක. Sinhala New Revised Version එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක. Sinhala Revised Old Version නුමුත් උන්වහන්සේ හැරී පේතෘස්ට කථාකොට: සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැතැයි කීසේක. |
එවිට පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට වී, “කොහෙත්ම නැහැ ස්වාමිනි, ඔබට කිසිදාක එහෙම වන්නේ නැතැ” යි කීවේ ය.
පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතුව ඇත. එහෙත් යමකු මඟින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ!
එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක්ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.
එහෙත් හැරී, තම ගෝලයින් දෙස බැලූ උන්වහන්සේ පේතෘස්ට තරවටු කරමින්, “සාතන් මා පස්සට යව! නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි කී සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා ඇතැ” යි කී සේක.
එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ දොළොස් දෙනා තෝරා ගත්තේ මා නො වේ ද? එනමුත් ඔබෙන් කෙනෙක් යක්ෂයෙකැ” යි කී සේක.
එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කරගන්න.
මස් කෑමෙන්, මිදි යුෂ බීමෙන් හෝ අන් යමක් කිරීමෙන් හෝ ඔබගේ සහෝදරයා පැකිළවීමට හේතු වේ නම්, ඉන් වැළකී සිටීම හොඳ ය.
ඔවුන්ගේ අවසානය විනාශයයි; ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩ ය; ඔවුන් පාරට්ටු කරගන්නේ තමන් ලජ්ජා විය යුතු දෑ ගැන ය. ඔවුන්ගේ මනස රැඳී ඇත්තේ ලෞකික දෑ පිට ය.