මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න; තම පියාට හෝ මවට ශාප කරන්නා මරණයට පත් කළ යුතු යැ’ යි දෙවියන්වහන්සේ අණ කර ඇත.
මතෙව් 15:5 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔබ කියන්නේ, යමෙක් තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘ඔබගේ ප්‍රයෝජනයට මා ඔබට දිය යුතුව තිබූ දෑ, දෙවියන්වහන්සේට කැප කළා’ යි කිවහොත්, Sinhala New Revised Version එහෙත්, කවරෙක් වුව ද පියාට හෝ මවට හෝ කතා කොට, ‘මම ඔබේ යහපත පිණිස දිය යුතු ව තිබුණු දීමනාව දෙවියන්ට පඬුරක් ලෙස කැප කෙළෙමි’යි කීමෙන් පසුව, Sinhala New Revised Version 2018 එහෙත්, කවරෙක් වුව ද පියාට හෝ මවට හෝ කතා කොට, ‘මම ඔබේ යහපත පිණිස දිය යුතු ව තිබුණු දීමනාව දෙවියන්ට පඬුරක් ලෙස කැප කෙළෙමි’යි කීමෙන් පසුව, Sinhala Revised Old Version එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට–මාගෙන් ඔබට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය. |
මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න; තම පියාට හෝ මවට ශාප කරන්නා මරණයට පත් කළ යුතු යැ’ යි දෙවියන්වහන්සේ අණ කර ඇත.
ඔහුගේ පියාට හෝ මවට ගෞරව කළ යුතු නැත කියා ය. මෙසේ ඔබ, ඔබගේම සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ ආඥා අවලංගු කරති.
එහෙත් පේතෘස් හා යොහන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට වඩා, ඔබට කන්දීම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හරිදැයි ඔබම තීරණය කරන්න.
පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි.