Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 4:19 - සිංහල කාලීන පරිවර්තනය

19 එහෙත් පේතෘස් හා යොහන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට වඩා, ඔබට කන්දීම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හරිදැයි ඔබම තීරණය කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 4:19
30 හුවමාරු යොමු  

පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි.


මා ඔබට කතා කරන්නේ, සිහි නුවණ ඇත්තනට මෙනි. මා පවසන දෑ ඔබම විමසා බලන්න.


එය යහපත් ය; අප ගැලවුම්කාර දෙවියන්වහන්සේ හමුවේ ප්‍රසන්න ය.


පෙනෙන්නට ඇති දෙයින් විනිශ්චය නො කරනු; විනිශ්චය සාධාරණව කරනු” යි පැවසූ සේක.


“සීසර්ගේ යැ” යි ඔවුහු කීහ. උන්වහන්සේ එවිට, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට කී සේක.


ඔබ, ඔබ අතරේම වෙනස්කම් සලසන, දුෂ්ට සිතිවිලි ඇති විනිශ්චයකරුවන් නො වන්නේ ද?


දරුවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබේ දෙමාපියනට කීකරු වන්න; හරි දේ එයයි.


තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත්හළ අපි, වංචනිකව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු.


මෝසෙස් උපන් කල, ඔහු පියකරු දරුවකු වග දුටු ඔහුගේ මව්පිය දෙපොළ රාජ නියෝගයට බය නො වී, තුන් මසක්ම ඔහු සඟවා තබා ගත්තේ ඇදහිල්ලෙනි.


යේසුස්වහන්සේ පේතෘස් හා යොහන් පිටත් කර යවමින්, “අපත් එය අනුභව කරන පිණිස, ගොසින්, අප උදෙසා පාස්කුව පිළියෙල කරන්නැ” යි කී සේක.


පේතෘස්ගේ හා යොහන්ගේ එඩිතරකම දැක, ඔවුන් නූගත්, සාමාන්‍ය වැසියන් බව දැන, ඔවුහු මවිත වූහ. ඔවුන් යේසුස්වහන්සේගේ ඇසුරෙහි සිටියවුන් බව ද ඔවුහු හැඳින ගත්හ.


“මේ නාමයෙන් ජනතාවට නූගන්වන ලෙස අපි නුඹලාට තරයේම නියෝග කළෙමු. එහෙත් නුඹලා, නුඹලාගේ ඉගැන්වීම්වලින් මුළු යෙරුසලම් නගරයම පුරවා, මේ මිනිසාගේ ලේ ගැන අප වරදකරුවන් කරන්නට අදහස් කරති” යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්