එහෙත් එකෙණෙහි ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.
මතෙව් 14:28 - සිංහල කාලීන පරිවර්තනය එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය. Sinhala New Revised Version පේදුරු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය. Sinhala New Revised Version 2018 පේදුරු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය. Sinhala Revised Old Version පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කීවේය. |
එහෙත් එකෙණෙහි ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.
උන්වහන්සේ, “එන්නැ” යි කී සේක. එවිට පේතෘස් ඔරුවෙන් පිටතට අවුත්, යේසුස්වහන්සේ වෙත දිය මත ඇවිද ගියේ ය.
එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “බලන්න, අප හැම දෙයක්ම අත්හැර, ඔබ අනුගමන කළා; එහෙයින් මොනවද අපට ලැබෙන්නේ?” යි ඇසී ය.
එහෙත් “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ.
සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි.
මට දෙන ලද අනුග්‍රහයට අනුව ඔබ හැම කෙනකුටම මා කියන්නේ, යුතු පමණට වඩා තමන් ගැන උතුම් කොට නො සිතා, දෙවියන්වහන්සේ ඔබට බෙදා දෙන ලද ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව, මධ්‍යස්ථ නිගමනයක සිට, තමන් ගැන සිතන්න කියා ය.
එහෙත් ඔහු ඉල්ලිය යුත්තේ ඇදහිල්ලෙනි; සැකයෙන් තොරව ය. මන්ද සැක සිතැත්තා සුළඟට ගසන, ඒ මේ අත පෙරළෙන මුහුදු රැල්ලක් වැනි ය.