මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.
මතෙව් 10:41 - සිංහල කාලීන පරිවර්තනය දිවැසිවරයකු, දිවැසිවරයකු නිසා පිළිගන්නා, දිවැසිවරයකුගේ ඉටු විපාක ලබයි. ධර්මිෂ්ඨයකු, ධර්මිෂ්ඨයකු නිසා පිළිගන්නා, ධර්මිෂ්ඨයකුගේ ඉටු විපාක ලබයි. Sinhala New Revised Version දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි; සත් පුරුෂයෙකු වන නිසා සත් පුරුෂයෙකු පිළිගන්නා සත් පුරුෂයෙකුගේ විපාකය ලබයි. Sinhala New Revised Version 2018 දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි; සත් පුරුෂයෙකු වන නිසා සත් පුරුෂයෙකු පිළිගන්නා සත් පුරුෂයෙකුගේ විපාකය ලබයි. Sinhala Revised Old Version අනාගතවක්තෘ කෙනෙක් නිසාම අනාගතවක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගතවක්තෘ කෙනෙකුගේ විපාකය ලැබේ; ධර්මිෂ්ඨයෙක් නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ. |
මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.
“ඔවුහු ද පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ නිර්වස්ත්‍රව හෝ රෝගීව හෝ සිරගතව හෝ සිටිනු දැක, අප ඔබට උපස්ථාන නො කළේ කවරදා දැ?’ යි අසනු ඇත.
“එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මොවුන්ගෙන් කුඩාම කෙනකුට ඔබ යමක් නො කළේ වේ ද, ඔබ එය නො කළේ මට යැ’ යි පවසනු ඇත.
“අනුන්ට පෙනෙන්නට ඔවුන් ඉදිරියේ ඔබගේ ධර්මිෂ්ඨකම් නො කරන්නට පරෙස්සම් වන්න. නැතහොත් ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගෙන් ඔබට ඉටු විපාකයක් නො ලැබෙනු ඇත.
ඔබ නිරාහාරව සිටින වග රහසිගතව සිටින ඔබගේ පියාණන්වහන්සේ මිස අන්‍යයන් නො දකින පිණිස ය; එවිට රහසිගතව එය දකින ඔබගේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙන සේක.
මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.
එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගතව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගතව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.
එබැවින් ඇය ද ඇගේ ගෘහ වාසීන් ද බව්තීස්ම ලද පසු ඕ, “මා සැබවින් ම ස්වාමින්වහන්සේ අදහන්නියකැයි ඔබ ඒත්තුගන්නේ නම්, අවුත් මගේ නිවසේ නවාතැන් ගන්නැ” යි අපට ඇරියුම් කර, අප ඊට කැමති කරවා ගත්තා ය.
මා ඇතුළු මුළු සභාවට නවාතැන් දෙන ගායස් ඔබට ආචාර කරයි. නගර භාණ්ඩාගාරික එරස්තස් හා අප සහෝදර ක්වාටස් ද ඔබට ආචාර කරති.
මා එය කරන්නේ මගේම ස්ව කැමැත්තෙන් නම්, මට ඊට ත්‍යාගයක් ඇත. කැමැත්තෙන් නො වේ නම්, මා සිටින්නේ මට පැවරූ භාරකාරත්වයක් යටතේ ය.
මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.