Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 6:6 - සිංහල කාලීන පරිවර්තනය

6 එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගතව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගතව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 6:6
17 හුවමාරු යොමු  

සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනිව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනිව ය.


එහෙත් ඔවුන් සියලු දෙනා කාමරයෙන් පිට මං කළ පේතෘස්, දණින් හිඳ, යාච්ඤා කළේ ය. ඉන්පසු මළ තැනැත්තිය දෙසට හැරී, “තබීතා නැගිටිනු” යි කී ය. ඕ ඇස් ඇරියා ය. එකල පේතෘස් දුටු ඕ, නැගිට හිඳ ගත්තා ය.


ඔබ නිරාහාරව සිටින වග රහසිගතව සිටින ඔබගේ පියාණන්වහන්සේ මිස අන්‍යයන් නො දකින පිණිස ය; එවිට රහසිගතව එය දකින ඔබගේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙන සේක.


පසු දින ඔවුන් පුරවරයට ළඟා වන කල, සවැනි පැයේදී පමණ පේතෘස් යාච්ඤා කරන්නට නිවසේ පියස්සට නැගුණේ ය.


මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.


මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි.


මන්ද මාංසයට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, මාංසික දේ මත ය. ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, ආත්මයාණන්ගේ දේ මත ය.


කොර්නේලියස් උත්තර දෙමින්, “දවස් හතරකට කලින්, නව වන පැයේ පමණ මේ වෙලාවේ මා නිවසේ යාච්ඤා කරමින් සිටියදී, මෙන්න! එකපාරට දිළිසෙන ඇඳුමින් සැරසුණු කෙනෙක් මා ඉදිරියේ සිටගෙන!


“ඔබතුමා මා ගැන දන්නේ කොහොම දැ?” යි නතානියෙල් ඇසී ය. “පිලිප් ඔබට කතා කරන්නට කලින් ඔබ අත්තික්කා ගහ යට සිටිනු මා දුටුවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.


යේසුස්වහන්සේ ඇයට කතා කොට, “මා තවමත් පියාණන්වහන්සේ වෙත නො නැංග නිසා, මට අත නො තබන්න. එනමුත් මගේ සහෝදරයින් වෙත ගොස්, ‘මම, මගේ පියාණන්වහන්සේ හා ඔබේ පියාණන්වහන්සේ වෙත, මගේ දෙවියන්වහන්සේ හා ඔබේ දෙවියන්වහන්සේ වෙත නැඟෙන්නෙමි’ යි කී වග ඔවුන්ට කියන්නැ” යි කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්