සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.
රෝම 8:6 - සිංහල කාලීන පරිවර්තනය මාංසයේ මනස රැඳවීම මරණයයි. එහෙත් ආත්මයාණන් මත මනස රැඳවීම, ජීවනය හා සාමයයි. Sinhala New Revised Version මාංසික චේතනාවේ විපාකය මරණය වේ; ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ. Sinhala New Revised Version 2018 මාංසික චේතනාවේ විපාකය මරණය වේ; ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ. Sinhala Revised Old Version මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. |
සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.
එබැවින් දැන් පියාණෙනි, ලෝකය ඇතිවීමට පළමුවෙන් ඔබ සමඟ මට තිබූ තේජෝ මහිමයෙන් ඔබ ඉදිරියේ මා මහිමයට පැමිණෙවුව මැනව.
ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න.
මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය.
එබැවින් ඇදහිල්ල මඟින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය.
අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!
මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.
මාංසයෙහි අප ජීවත් වූ කාලයේ දහම් නීතියෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.
මන්ද මාංසයට අනුව ජීවත් වෙතොත් ඔබ මියෙනු ඇත. එහෙත් ශාරීරික ක්‍රියා, ආත්මයාණන් මඟින් නසා දමනවා නම්, ඔබ ජීවත්වනු ඇත.
හදවත් සෝදිසි කරන තැනැන්වහන්සේ, ආත්මයාණන්ගේ මනස දන්නා සේක. මන්ද ආත්මයාණන් ශුද්ධවතුන් උදෙසා මැදිහත් වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ය.
මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන්ම යටත් කළ නො හැකි ය.
එහෙත් ආත්මයාණන්වහන්සේගේ පල නම්, ප්‍රේමය, ප්‍රීතිය හා සාමය, ඉවසීම, කරුණාව හා සද්භාවය, විශ්වාසවන්තකම,
මන්ද තමාගේ මාංසය උදෙසා වපුරන්නා, මාංසයෙන් ජරාවට පත්වීම කපා ගනී. ආත්මයාණන් උදෙසා වපුරන්නා, ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නෙළා ගනියි.