එකල ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “පරිසිවරුන් වූ ඔබ පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත්, නුඹලාගේ ඇතුළාන්තය තණ්හාවෙන් හා දුෂ්ටකමින් පිරිලා.
රෝම 2:29 - සිංහල කාලීන පරිවර්තනය යුදෙව්වා, යුදෙව්වකු වන්නේ ඇතුළාන්තයෙනි; චර්ම-ඡේදනය, ආත්මයාණන් මඟින් හදවතේ කෙරෙන ඡේදනයක් මිස, වචනාර්ථයට අනුව කැපුමක් නො වේ. එබඳු තැනැත්තාගේ පැසසුම මිනිසුන්ගෙන් නො ව, දෙවියන්වහන්සේගෙනි. Sinhala New Revised Version සැබෑ ජුදෙව්වා හඳුනාගනු ලබන්නේ අභ්‍යන්තර ලක්ෂණවලිනි. සැබෑ චර්මඡේදනය ද වනාහි සිතේ පවතින දෙයකි; එය නීතිගත දෙයක් නොව, ආධ්‍යාත්මික දෙයකි. එවැනි ජුදෙව්වෙකුට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසාගෙන් නොව, දෙවියන් වහන්සේගෙන් ය. Sinhala New Revised Version 2018 සැබෑ ජුදෙව්වා හඳුනාගනු ලබන්නේ අභ්‍යන්තර ලක්ෂණවලිනි. සැබෑ චර්මඡේදනය ද වනාහි සිතේ පවතින දෙයකි; එය නීතිගත දෙයක් නොව, ආධ්‍යාත්මික දෙයකි. එවැනි ජුදෙව්වෙකුට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසාගෙන් නොව, දෙවියන් වහන්සේගෙන් ය. Sinhala Revised Old Version නුමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය; එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන්වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ. |
එකල ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “පරිසිවරුන් වූ ඔබ පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත්, නුඹලාගේ ඇතුළාන්තය තණ්හාවෙන් හා දුෂ්ටකමින් පිරිලා.
‘මෙන්න, එය මෙතැන ය; අන්න අතැන යැ’ යි ඔවුන් කියන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ අතරේ යැ” යි පැවසූ සේක.
මන්ද දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා, මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඔවුන් ප්‍රේම කළ හෙයිනි.
එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක.
එනිසා එකම දෙවියන්වහන්සේ වෙතින් එන ගෞරවය නො සොයා, තම තමන් අතරේ එකිනෙකා වර්ණනා කරගන්නා ඔබ, විශ්වාස කරන්නේ කොහොම ද?
මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය.
මෙසේ, කායිකව චර්මඡේදිත නො වූ නමුදු, දහම් නීතිය පිළිපදින්නා, නීති ලියවිල්ලත්, චර්ම-ඡේදනයත් ඇති, එහෙත් දහම් නීතිය කඩන ඔබ විනිශ්චය කරනු ඇත.
එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි දහම් නීතියෙන් නිදහස්ව සිටින්නෙමු. එසේව ඇත්තේ, ලිඛිත පැරණි නීති මාලාවක් යටතේ නො ව, ආත්මයාණන්ගේ නව ජීවනයක් තුළ සේවය කරන පිණිස ය.
එබැවින් කාලයට පෙරාතුව, ස්වාමින්වහන්සේගේ පැමිණීමට පෙරාතුව විනිශ්චය ප්‍රකාශ නො කරන්න. දැන් අන්ධකාරයේ සැඟවුණු දෑ, උන්වහන්සේ එළියට ගෙනැවිත්, හදවතේ අරමුණු එළිදරවු කරන සේක. එවිට තමාට හිමි පැසසුම දෙවියන්වහන්සේගෙන් හැම කෙනකුම ලබනු ඇත.
මන්ද ගණන් ගැනෙන්නේ චර්ම-ඡේදනය හෝ චර්ම අඡේදනය හෝ නො ව, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීම ය.
සැබවින් ම පිළිගනු ලබන්නේ තමන්ගේම වර්ණනාව කියා ගන්නා නො ව, දෙවියන්වහන්සේගෙන් වර්ණනාව ලබන්නා ය.
අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.
මන්ද සැබෑ චර්මඡේදිතයෝ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටු කරන, මාංසය කෙරේ විශ්වාසය නො තබන අපිම ය.
අප ඔබට කතා කරන්නේ ශුභාරංචිය බාර දීමට සුදුස්සන් යයි දෙවියන්වහන්සේගේ අනුමැතිය ලද්දවුන් වශයෙනි; එසේ කරන්නේ මිනිසුන් සතුටු කිරීමට නො ව අප හදවත් පිරික්සන දෙවියන්වහන්සේ ප්‍රසන්න කිරීමට ය.
දෙවියන්වහන්සේ හමුවේ ඉතා අනර්ඝ විනීත හා ශාන්ත ජීවගුණයෙන් යුතු හදවතේ ඇතුළාන්ත ස්වභාවයේ නො දිරන ලස්සනක් වේවා.