Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 3:1 - සිංහල කාලීන පරිවර්තනය

1 එසේ නම් යුදෙව්වකු වීමේ වාසිය කුමක් ද? චර්ම-ඡේදනයේ ඇති වටිනාකම කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එසේ නම්, ජුදෙව්වාට විශේෂ වාසියක් ඇද් ද? චර්මඡේදනයෙන් පලක් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එසේ නම්, ජුදෙව්වාට විශේෂ වාසියක් ඇද් ද? චර්මඡේදනයෙන් පලක් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එසේවී නම් යුදෙව්වාට ඇති වාසිය මොකද? නොහොත් චර්මඡේද්‍යයෙන් ඇති ප්‍රයෝජනය මොකද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 3:1
12 හුවමාරු යොමු  

සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.


එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.”


ඔබ නමස්කාර කරන්නේ, ඔබ නො දන්නා දේටයි; අප නමස්කාර කරන්නේ, අප දන්නා දේටයි. මන්ද ගැලවීම යුදෙව්වන් වෙතින්;


හැම අතින්ම බොහෝ ය. මුලින්ම, දෙවියන්වහන්සේගේ කියමන් බාර දෙනු ලැබ ඇත්තේ, යුදෙව්වන්ට ය.


එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත්ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ලම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට පෙන්වා දී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්