ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 2:21 - සිංහල කාලීන පරිවර්තනය

එහෙම නම්, අනුන්ට උගන්වන ඔබ, ඔබටම උගන්වා ගන්නේ නැති ද? සොරකමට එරෙහිව දේශනා කරමින්, ඔබ සොරකම් කරනවා ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ අන්‍යයන්ට ගුරූපදේශ දෙන්නහු ය; එහෙත් ඔබ තමන්ට ම ගුරූපදේශ නො දෙන්නේ මන් ද? “සොරකම් නොකරව”යි ඔබ දේශනා කරන්නහු ය, එහෙත් ඔබ ම සොරකම් කරන්නහු ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ අන්‍යයන්ට ගුරූපදේශ දෙන්නහු ය; එහෙත් ඔබ තමන්ට ම ගුරූපදේශ නො දෙන්නේ මන් ද? “සොරකම් නොකරව”යි ඔබ දේශනා කරන්නහු ය, එහෙත් ඔබ ම සොරකම් කරන්නහු ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අනිකෙකුට උගන්වන්නාවූ නුඹ නුඹටම උගන්වා ගන්නේ නැද්ද? සොරකම් නොකළ යුතුයයි දේශනාකරන්නාවූ නුඹ සොරකම්කරනවාද?

පරිච්ඡේදය බලන්න



රෝම 2:21
16 හුවමාරු යොමු  

ඔවුන් අමතමින්, “ලියා ඇත්තේ, ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියා ය. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කරති” යි කී සේක.


යේසුස්වහන්සේ යළි කතා කරමින්, “නීති වේදිනී, ඔබටත් වන විපතක මහත! දරන්නට බැරි බර, මිනිසුන් පිට පටවන ඔබ, ඔබගේ එක ඇඟිල්ලකින් පමණක්වත් ඊට උදවු කරන්නේ නැත.


“තම ස්වාමියාගේ කැමැත්ත දැන, ඒ අනුව සූදානම් නො වූ, ස්වාමියාගේ කැමැත්ත ලෙස කටයුතු නො කළ එම සේවකයා දැඩිව පහර කනු ඇත.


“හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට සේවකය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වැපුරූ දේ කපා ගන්න තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා?


උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමාම සුව කරගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන්ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා.


අන් අයට දේශනා කළායින් පසු, ත්‍යාගයට නුසුදුස්සකු නො වන පිණිස, මම මාගේ ශරීරය හික්මවා ගනිමින්, එය දමනය කර ගනිමි.


චර්මඡේදිත මොවුන් පවා දහම් නීතිය පිළිපදින්නේ නැත. එහෙත් ඔබත් චර්මඡේද කරවන්නට ඔවුන්ට ඕනෑව ඇත්තේ, ඔබේ මාංසය ගැන පුරසාරමට ය.