Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 12:47 - සිංහල කාලීන පරිවර්තනය

47 “තම ස්වාමියාගේ කැමැත්ත දැන, ඒ අනුව සූදානම් නො වූ, ස්වාමියාගේ කැමැත්ත ලෙස කටයුතු නො කළ එම සේවකයා දැඩිව පහර කනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 තමාගේ ස්වාමියාගේ කැමැත්ත දැනගනත් සූදානම් නොකළාවූ, ඔහුගේ කැමැත්ත ලෙස නොකළාවූ දාසයා බොහෝ පහර ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:47
14 හුවමාරු යොමු  

එබැවින් යමෙක්, කළ යුතු හරි දේ දැන, ඒ දේ නො කරන්නේ නම් එයම ඔහුට පාපයකි.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අන්ධව සිටියා නම් ඔබ වරදකරුවන් නො වන්නට තිබුණා. එහෙත් ‘අපට පෙනෙනවා’ යි ඔබ කියන නිසා, ඔබගේ වරදකාරකම එසේම පවතී” යි පැවසූ සේක.


මා ප්‍රතික්ෂේප කරන, මගේ වචන නො පිළිගන්න අයට විනිශ්චයකරුවෙක් සිටියි. මා පවසන මේ වචන ම අන්තිම දවසේ ඔවුන් විනිශ්චය කරනු ඇත.


නො දැනුවත්කමේ කාලවලදී දෙවියන්වහන්සේ ඒ ගැන නො සැලකූ නමුත් දැන් හැම තැන, හැම ජන කොටසකටම පසුතැවිලි වන්නට අණ කරන සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.


එවිට පේතෘස් කතා කරමින්, “ස්වාමිනි, ඔබ මේ උපමාව කියන්නේ අපට ද, නැතිනම් හැමෝටම දැ?” යි ඇසී ය.


එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ, ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, දෙකට කපා, ඔහු අවිශ්වාසවූවන් අතරට ඇද දමනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්