මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”
රෝම 2:2 - සිංහල කාලීන පරිවර්තනය එබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන්නේ සත්‍යයට අනුව බැව් අපි දනිමු. Sinhala New Revised Version එවැනි දේ කරන්නන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු. Sinhala New Revised Version 2018 එවැනි දේ කරන්නන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු. Sinhala Revised Old Version එබඳු දේ කරන්නන්ට විරුද්ධව දෙවියන්වහන්සේගේ විනිශ්චය සැබෑවේ ප්‍රකාරයට පවත්නා බව දනිමුව. |
මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”
එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන්ම වරදකරුවකු ලෙස තීන්දු කරගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේම කරන බැවිනි.
එම්බා මනුෂ්‍යය, එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එයම කරන කල, දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ඔබ ගැලවේයයි ඔබ සිතනවා ද?
එහෙත් ඔබේ තද මුරණ්ඩු, පසුතැවිලි නො වන හදවත නිසා ඔබ කරන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරවු කෙරෙන උදහසේ දවස සඳහා උදහස ගොඩගසා ගැනීමකි.
එවිට ජලයට අධිපති දේව දූතයා මෙසේ කියනු මට ඇසිණි: “ඔබ සාධාරණ ය, සිටින්නා වූ, සිටියා වූ අහෝ ශුද්ධ තැනැන්වහන්ස, මන්ද ඔබවහන්සේ මෙම විනිශ්චයන් ගෙනා සේක.
මන්ද උන්වහන්සේගේ විනිශ්චයන් සත්‍යය ය; සාධාරණ ය. මන්ද තම අපචාරවලින් පොළොව දූෂ්‍ය කළ මහා වේශ්‍යාවට, උන්වහන්සේ දඬුවම් කළ සේක. උන්වහන්සේ ස්වකීය සේවකයින්ගේ ලේ ගැන ඇයට විපාක දුන් සේක.”