Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 2:3 - සිංහල කාලීන පරිවර්තනය

3 එම්බා මනුෂ්‍යය, එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එයම කරන කල, දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ඔබ ගැලවේයයි ඔබ සිතනවා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එම දේ ම කරන්නෙහි නම්, ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරෙනු ඇතැ යි සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එම දේ ම කරන්නෙහි නම්, ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරෙනු ඇතැ යි සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එබඳු දේ කරන්නන් විනිශ්චයකරමින් එම දේ කරන මනුෂ්‍යය, නුඹ දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ගැළවෙන්නෙහියයි සිතන්නෙහිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:3
22 හුවමාරු යොමු  

මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝ ය යනුවෙන් වූ දෙවියන්වහන්සේගේ නියමය දැන දැනත්, ඔවුහු එබඳු දේම කරනවා පමණක් නො ව, එසේ කරන්නන්ට අනුබල ද දෙති.


දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිණියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.


එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “යහළුව, මා, ඔබ අතරේ විනිසකරුවකු හෝ බෙදුම්කරුවකු කොට පත් කළේ කවුරු දැ?” යි ඇසූ සේක.


මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “නුඹත් ඔවුන්ගෙන් කෙනෙකැ” යි කීවේ ය. එහෙත් පේතෘස්, “මා ඒ කෙනෙක් නො වෙයි මනුස්සයෝ!” යි කීවේ ය.


මාගේ පියාණන්වහන්සේගෙන් ආධාර ඉල්ලන්නට මට බැරියැයි ඔබ සිතනවා ද? එවිට මේ දැන් මා වෙත දේව දූත සේනාංක දොළහක් උන්වහන්සේ නො එවාවි ද?


“සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද?


කතා කරන්නා වූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප නො කරන්නට බලා ගන්න. පොළොවේදී තමන්ට අවවාද කළ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කළ විට, ඔවුන් ගැලවුණේ නැතිනම්, ස්වර්ගයේ සිට අවවාද කරන තැනැන්වහන්සේ වෙතින් ඉවත හැරුනහොත්, අපි කෙලෙස ගැලවෙන්නෙමු ද?


ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත.


එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දීම, එකෙණෙහිම කුකුළා හැඬලී ය.


එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන්ම වරදකරුවකු ලෙස තීන්දු කරගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේම කරන බැවිනි.


එබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන්නේ සත්‍යයට අනුව බැව් අපි දනිමු.


එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකට එක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්