රෝම 14:2 - සිංහල කාලීන පරිවර්තනය යමෙක් කවර දෙයක් වුව කෑ හැකියයි විශ්වාස කරන අතර, දුර්වල තැනැත්තා එළවුළු පමණක් ආහාරයට ගනියි. Sinhala New Revised Version කොයි දේත් කන්න නිදහස ඇතැ යි කෙනෙක් සිතයි. ඇදහිල්ලෙහි දුර්වල වූ තැනැත්තා එළවළු පමණක් කන්නේ ය. Sinhala New Revised Version 2018 කොයි දේත් කන්න නිදහස ඇතැ යි කෙනෙක් සිතයි. ඇදහිල්ලෙහි දුර්වල වූ තැනැත්තා එළවළු පමණක් කන්නේ ය. Sinhala Revised Old Version සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය. |
කිසිවක් අපවිත්‍ර නැති වග යේසුස් ස්වාමින්වහන්සේ තුළ දැන, ඒත්තු ගෙන සිටිමි. එහෙත් යමක් අපවිත්‍රයයි සිතන කෙනකුට ඒවා අපවිත්‍ර ය.
දෙවියන්වහන්සේගේ කාර්යය ඔබගේ කෑමක් උදෙසා විනාශ නො කරන්න. හැම දේම ඇත්තෙන්ම පවිත්‍ර ය. එහෙත් තමාගේ කෑමකින් අනෙකකු පැකිළවීම වරදකි.
දුබලයින් දිනා ගන්න පිණිස, දුබලයින්ට මම දුබලයකු වීමි. යම් යම් අය කවර අයුරකින් හෝ ගැලවීමට පැමිණෙන පිණිස, මම සියලු දෙනාට සියල්ල වුණෙමි.
මන්ද යාකොබ් වෙතින් කීප දෙනකු එන්නට කලින් අන්‍ය-ජාතිකයින් සමඟ එකට ආහාර ගත් ඔහු, ඔවුන් පැමිණි පසු පසුබා, අන්‍ය-ජාතිකයින්ගෙන් වෙන්ව සිටින්නට වූයේ අර චර්මඡේදිත කණ්ඩායමට බියෙනි.
මන්ද දෙවියන්වහන්සේ මැවූ හැම දෙයක්ම හොඳ ය; ස්තුති දීමෙන් පිළිගන්නේ නම්, කිසිවක් ප්‍රතික්ෂේප කළ යුතු නැත.
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය. එහෙත් දූෂිත හා අවිශ්වාසීවූවනට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත්, හෘදය සාක්ෂියත් යන දෙකම දූෂ්‍ය වී ඇත.
සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.
ඒවා නව ආරේ කාලය උදා වන තෙක්, ශරීරය උදෙසා පනවන ලද, හුදෙක් ආහාර හා පාන ද නොයෙකුත් සේදීම්වලින් ද යුක්ත රෙගුලාසි පමණි.