Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තිමෝති 4:4 - සිංහල කාලීන පරිවර්තනය

4 මන්ද දෙවියන්වහන්සේ මැවූ හැම දෙයක්ම හොඳ ය; ස්තුති දීමෙන් පිළිගන්නේ නම්, කිසිවක් ප්‍රතික්ෂේප කළ යුතු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය. ස්තුතිවන්ත ව පිළිගන්නවා නම්, කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය. ස්තුතිවන්ත ව පිළිගන්නවා නම්, කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයිදෙයක්වත් එපාකරන්ට යුතු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තිමෝති 4:4
15 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ කාර්යය ඔබගේ කෑමක් උදෙසා විනාශ නො කරන්න. හැම දේම ඇත්තෙන්ම පවිත්‍ර ය. එහෙත් තමාගේ කෑමකින් අනෙකකු පැකිළවීම වරදකි.


හෘදය සාක්ෂිය අරබයා ප්‍රශ්න නො කර මස් කඩේ විකුණන කවර දෙයක් වුව කෑමට ගන්න.


කිසිවක් අපවිත්‍ර නැති වග යේසුස් ස්වාමින්වහන්සේ තුළ දැන, ඒත්තු ගෙන සිටිමි. එහෙත් යමක් අපවිත්‍රයයි සිතන කෙනකුට ඒවා අපවිත්‍ර ය.


“හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයක්ම ප්‍රයෝජනවත් නැත. සැබවින් ම, “හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයින්ම වර්ධනය සැලසෙන්නේ නැත.


අන්‍ය-ජාතික ඇදහිලිවතුන් සම්බන්ධයෙන් නම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔවුන් වැළකී සිටිය යුතු බවට අප කළ තීරණය, අප ඔවුන්ට ලියා යවා ඇතැ” යි කීහ.


ඔවුහු විවාහය තහනම් කරති; විශ්වාස කරන, සත්‍යය දැන සිටින ඇදහිලිවතුන් ස්තුති දීමෙන් යුතුව භුක්ති විඳින පිණිස, දෙවියන්වහන්සේ මැවූ ආහාර තහනම් කරති.


එනම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔබ වැළකී සිටිය යුතුයි; මේවායින් ඔබ දුරු වී සිටින්නේ නම්, ඔබ කරන්නේ හරි දේයි; “සෙත් වේවා!”


එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය.


දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි.


මන්ද, “පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය.”


මා භුක්ති විඳින්නේ ස්තුති දීම සමඟ නම්, මා ස්තුති දෙන දේ මා හෙළා දකින්නේ කුමට ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්