ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 12:6 - සිංහල කාලීන පරිවර්තනය

අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙයින් අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු.

පරිච්ඡේදය බලන්න



රෝම 12:6
31 හුවමාරු යොමු  

එබැවින් මෙන්න මම දිවැසිවරුන් ද නැණවතුන් ද ගුරුවරුන් ද නුඹලා වෙත එවමි. නුඹලා ඔවුන්ගෙන් ඇතමකු මරා දමනු ඇත; ඇතමකු කුරුසිපත් කරනු ඇත. සෙසු අයට නුඹලාගේ සිනගෝගවලදී තළා, නගරයෙන් නගරයට ඔවුන් ලුහුබඳිනු ඇත.


“තලෙන්ත දෙක ලද තැනැත්තා ද ඉදිරියට අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත දෙකක් මට බාර දුන්නා. මෙන්න, මා වැඩිපුර තවත් දෙකක් ඉපදෙව්වා’ යි කී ය.


එබැවින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මෙසේ පවසා තිබේ. ‘මම දිවැසිවරුන් ද අපෝස්තුලුවරුන් ද ඔවුන් වෙත යවන්නෙමි. ඔවුහු ඔවුන්ගෙන් ඇතමකු මරා දමති; සෙසු අයට හිංසා කරති.’


අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.


දිවැසිවරුන් වූ යූදස් හා සීලස් සහෝදරයින් ධෛර්යවත් කරමින් හා ඔවුන් ශක්තිමත් කරමින් බොහෝ දෑ පැවසූහ.


“ ‘දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක්, අන්තිම දවස්වලදී මම මාගේ ආත්මයාණන් සියලු මිනිසුන් පිට වගුරුවමි. ඔබගේ පුත්‍රයින් හා දූවරුන් දිවැස් වැකි පවසනු ඇත. ඔබගේ තරුණයින් දර්ශන දකිනු ඇත. ඔබගේ මහලු මිනිසුන් ස්වප්න දකිනු ඇත.


දිවැස් වැකි පවසන අවිවාහක දූවරු හතර දෙනෙක් ඔහුට වුන්හ.


මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි.


මට දෙන ලද අනුග්‍රහයට අනුව ඔබ හැම කෙනකුටම මා කියන්නේ, යුතු පමණට වඩා තමන් ගැන උතුම් කොට නො සිතා, දෙවියන්වහන්සේ ඔබට බෙදා දෙන ලද ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව, මධ්‍යස්ථ නිගමනයක සිට, තමන් ගැන සිතන්න කියා ය.


එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක්ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය.


මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැතිනම් මම හිස් පුද්ගලයෙක්මි.


ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න.


එහෙත් ඔබ හැම දිවැස් වැකි කියන කල, නො ඇදහිලිවතකු හෝ මේ ගැන දැනුම නො ලත්තකු පැමිණියහොත්, ඒ සියල්ලෙන් ඒත්තු ගෙන, සියල්ල මඟින් විනිශ්චය කරනු ලබනු ඇත.


දිවැසිවරු දෙදෙනෙක් හෝ තිදෙනෙක් කතා කරත්වා. සෙසු අය ඒ කී දෑ විමසා බලත්වා.


එහෙම නම් අපොල්ලොස් කවුරු ද? පාවුල් කවුරු ද? එකිනෙකාට ස්වාමින්වහන්සේ පැවරූ කාරියට අනුව, ඇදහිල්ල වෙත ඔබ යොමු කළ සේවකයින් ය.


හැම කෙනකුම මා සිටින ලෙස සිටී නම් කැමැත්තෙමි. එහෙත් එක් ලෙසකින් හෝ වෙනත් ලෙසකින් එක් එක් කෙනාට දෙවියන්වහන්සේ වෙතින් දීමනාවක් ඇත.


මන්ද ඕනෑකම ඇත්නම්, එය පිළිගැනෙන්නේ කෙනකුට ඇති දේට අනුකූලව ය; ඔහුට නැති දේට අනුකූලව නො වේ.


උන්වහන්සේගේ ශුද්ධ අපෝස්තුලුවරුනට හා දිවැසිවරුනට ආත්මයාණන්වහන්සේ මඟින් දැන් හෙළිකර ඇති ඒ අබිරහස, ඉහත පරම්පරාවල මනුෂ්‍ය-පුත්‍රයින්ට හෙළි කරන ලද්දේ නැත.


ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේම ය.


අප අතරින් පරිණතවූවන් එබඳු ආකල්පයක් දැරිය යුතු ය. යම් හේතුවක් මත ඔබ අන් මතයක් දරන්නේ නම්, දෙවියන්වහන්සේ එයත් ඔබට වටහා දෙනු ඇත.


දිවැස් වැකි පැවසීම සුළු නො කරන්න.


ශුද්ධ ලියවිල්ලේ කිසි දිවැස්වැකියක් යමකුගේ අදහසකට අනුව හට නො ගන්නා වග සියල්ලටම පළමු ඔබ වටහා ගත යුතු ය.