Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 12:5 - සිංහල කාලීන පරිවර්තනය

5 අපත් බොහෝ දෙනකු නමුදු, ක්‍රිස්තුස්වහන්සේ තුළ එක ශරීරයක්ව, අන්‍යෝන්‍ය අවයව වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එසේ ම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ ව එක ශරීරයක් වී, එහි වෙන් වෙන් වශයෙන් අන්‍යොන්‍ය අවයවයෝ වම්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එසේ ම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ ව එක ශරීරයක් වී, එහි වෙන් වෙන් වශයෙන් අන්‍යොන්‍ය අවයවයෝ වම්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 12:5
15 හුවමාරු යොමු  

ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි.


ඇත්තේ එක රොටියක් බැවින්, බොහෝ දෙනකු වූ අපි එක ශරීරයකි; මන්ද අප හැම එකම රොටියකට පංගුකාර වන බැවිනි.


එබැවින් ඔබ හැම බොරුව අත්හැර, තම අසල්වැසියා සමඟ සත්‍යවාදීව කතා කළ යුතු ය. මන්ද අප එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයන් ය.


ඔවුහු හිසට සම්බන්ධ නො වී සිටිති. මුළු සිරුර සන්ධි හා අස්ථි බැමි මඟින් පෝෂණය කර, එකට බද්ධ කොට දෙවියන්වහන්සේගෙන් වූ වර්ධනයෙන් වර්ධනය වන්නට සලස්වන්නේ එම හිස ය.


මන්ද උන්වහන්සේගේ සිරුරේ අවයව අප ය.


ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මාගේ මාංසයෙන් සම්පූර්ණ කරමි.


ඒ සභාව නම්, හැම දෙයක්ම හැම ලෙසින්ම පූර්ණ කරන ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණත්වය වන උන්වහන්සේගේම ශරීරයයි.


මම මගේම වාසිය නො තකා, බොහෝ දෙනකු ගැලවීම ලබන පිණිස හැම කෙනකුම හැම අයුරින්ම සතුටු කරන්නට වැර දරන්නා සේ කරන්න.


අපට ඇති එක සිරුරේ බොහෝ අවයව ඇතත්, ඒ අවයවයනට ඇත්තේ එකම කාර්ය භාරයක් නො වන පරිදි,


මන්ද ස්වකීය ශරීරය වූ සභාවේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස්වහන්සේ එහි හිස වන්නා සේ ම, පුරුෂයා භාර්යාවගේ හිස ය.


තවදුරටත් මා ලෝකයේ සිටින්නේ නැත. එහෙත් මොවුහු ලෝකයේම සිටිති. මම ඔබවහන්සේ වෙත එන්නෙමි. ශුද්ධ වූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නා සේ, මොවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයෙන්, ඔවුන් සුරකිනු මැනවි.


ඔබගේ සිරුරු ක්‍රිස්තුස්වහන්සේගේ අවයව බව දන්නේ නැති ද? එසේ නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයව ගෙන, වෙසඟනකගේ අවයව කරම් ද? කොහෙත්ම නැත.


ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන පිණිස සේවා-කටයුතු සඳහා ශුද්ධවන්තයින් හැඩගස්වනු පිණිස එසේ දී ඇත්තේ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්