ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 11:26 - සිංහල කාලීන පරිවර්තනය

ඒ අයුරින් මුළු ඉශ්‍රායෙල් ගලවනු ලබන්නෝ ය. ලියා ඇති ලෙස, “ගැලවුම්කරුවාණෝ සියොන්හි සිට එන සේක. එතුමාණෝ යාකොබ් වෙතින් අභක්තිය පහ කරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව ම ගැළවීම ලබන්නෝ ය. ඒ බවට: “සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ වඩින සේක; උන් වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව ම ගැළවීම ලබන්නෝ ය. ඒ බවට: “සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ වඩින සේක; උන් වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.

පරිච්ඡේදය බලන්න



රෝම 11:26
25 හුවමාරු යොමු  

ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.


දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.


සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.