Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රෝම 11:26 - Sinhala New Revised Version 2018

26 ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව ම ගැළවීම ලබන්නෝ ය. ඒ බවට: “සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ වඩින සේක; උන් වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව ම ගැළවීම ලබන්නෝ ය. ඒ බවට: “සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ වඩින සේක; උන් වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 ඒ අයුරින් මුළු ඉශ්‍රායෙල් ගලවනු ලබන්නෝ ය. ලියා ඇති ලෙස, “ගැලවුම්කරුවාණෝ සියොන්හි සිට එන සේක. එතුමාණෝ යාකොබ් වෙතින් අභක්තිය පහ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:26
25 හුවමාරු යොමු  

අපේ දෙවි සමිඳුනි, අප ගළවාගත මැනව; විජාතීන් අතරෙන් අප එක් රැස් කරගත මැනව. එවිට ඔබේ ශුද්ධ නාමයට තුති පුදන්නෙමු; ඔබ පසසමින් ප්‍රීති වන්නෙමු.


සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද? හිමිතුමාණන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද? ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?


එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.


සමිඳාණෝ සෙනඟට මෙසේ වදාරන සේක: “පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලු දෙනා ගළවන්නත්, ජෙරුසලමේ සිටින නුඹලා ආරක්ෂා කරන්නත් මම එන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය.


“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දැන් මම ජාකොබ්ගේ වංශයේ හිරකරුවන් ආපසු ගෙනෙන්න යන්නෙමි. මුළු ඉශ්රායෙල් සෙනඟට අනුකම්පා කරමි; මාගේ සුවිශුද්ධ නාමය ආරක්ෂා කරන්නෙමි.


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.


එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය. සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ ජෙරුසලමේ සිටිනු ඇත.


ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.


දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”


සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්