ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 11:24 - සිංහල කාලීන පරිවර්තනය

ස්වභාවයෙන් වල් ඔලීව ගසකින් කැපූ අතු වූ ඔබ, සිටුවන ලද හොඳ ඔලීව ගසට ස්වභාව ධර්මයට පටහැනිව බද්ධ කරන ලද්දේ වී නම්, ඊට වඩා කොපමණ පහසුවෙන් ඒ ස්වාභාවික අතු ඔවුන්ගේම ඔලීව ගසට බද්ධ කරනු නො ලැබේ ද!

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මන්ද, විජාතීන් වන ඔබ ස්වභාවයෙන් ම අයිති වූ වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධ ව හොඳ ඔලීව ගසකට බද්ධ කරනු ලද්දාහු නම් ස්වාභාවික අතු වන ජුදෙව්වරුන් ඔවුන්ගේ ම ඔලීව ගසට නැවත බද්ධ කිරීම ඊටත් වඩා පහසු නොවේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, විජාතීන් වන ඔබ ස්වභාවයෙන් ම අයිති වූ වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධ ව හොඳ ඔලීව ගසකට බද්ධ කරනු ලද්දාහු නම් ස්වාභාවික අතු වන ජුදෙව්වරුන් ඔවුන්ගේ ම ඔලීව ගසට නැවත බද්ධ කිරීම ඊටත් වඩා පහසු නොවේ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද නුඹ ස්වභාවයෙන්ම වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධව හොඳ ඔලීව ගසකට පාස්සන ලද්දෙහි නම් ස්වාභාවික අතු වන මොව්හු තමුන්ගේම ඔලීව ගසට කොපමණ වැඩි වශයෙන් පාස්සනු නොලබන්නෝද?

පරිච්ඡේදය බලන්න



රෝම 11:24
4 හුවමාරු යොමු  

එසේම ඔවුහු තම නො ඇදහිලිවත්කමෙහි දිගටම නො රැඳේ නම්, යළි බද්ධ කරනු ලබති. මන්ද ඔවුන් යළි බද්ධ කිරීමට දෙවියන්වහන්සේට බලය ඇත.


සහෝදරයිනි, ඔබ නැණවත් යයි ඔබ උඩඟු නො වන පිණිස මේ අබිරහස දැන ගන්නවාට කැමැත්තෙමි. ඉශ්‍රායෙල් වෙත තරමක දැඩිකමක් පැමිණ ඇත්තේ, අන්‍ය-ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තෙක් ය.


කලක් දෙවියන්වහන්සේට අකීකරුව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්,